ගිරිඋල්ලේ බැංකුවක් මාසයකට පමණ පෙර කොල්ලකෑ බව කියන සැකකරු අල්ලා ගැනීමට කුලියාපිටිය පොලිසිය ගත් උත්සාහය අද අසාර්ථක විය.
සැකකරු ගමන් කළ රිය පිටුපස කුලියාපිටිය පොලිසියේ රියක් කුලියාපිටියේ සිට කටානේ දෙල්ගස් හංදිය දක්වා ලුහු බැඳ ආ නමුත් සැකකරු පළා ගිය බව දැනගන්නට ඇත.
පොලිස් රියෙන් සැකකරුගේ රියට වෙඩි තබා ඇතැයි ද, එම රිය අතුරු මාර්ගයක තිබී සොයාගෙන ඇතැයි ද, ඒ වන විට සැකකරු පැන ගොස් සිට ඇතැයි ද පොලිසිය පවසයි.

