කොල්ල කෑ බඩුයි සල්ලියි දවසින් අල්ලයි


විසිවසරක් එතෙර සිට නිවාඩුවකට ශ්‍රී ලංකාවට පැමිණි කතක පදිංචි ගල්කිස්ස රජමාවතේ දෙමහල් නිවසට මහ රෑ ඇතුළු වී බෙල්ලට පිහිය තබා ඇගේ රන්බඩු හා මුදල් කොල්ල කෑ බව කියන දෙදෙනකු අත්අඩංගුවට ගත් බව  ගල්කිස්ස පොලීසිය කියයි.

ගෙළ බැදි මාලය, රුපියල් තිස්දහස හා අත්බෑගය  සොරාගතැයි සැකපිට දෙදෙනකු රත්මලාන දුම්රියපොල පාරේ දී අත්අඩංගුවට ගෙන ඇත.

කොල්ලය සිදු වී පැය විසිහතරක් යන්නට කළින්  රන් භාණ්ඩද මුදල් ද අත්බෑගය හා  පිහියක්  ද සොයා ගත් බව පොලීසිය සදහන් කරයි.