කොල්කටා පිල කඩුලූ 8 කින් ජයගනී


ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 47 වැනි තරගය ලෙස කොල්කටාහිදී අද (03 වැනිදා) පැවැති තරගයේදී කොල්කටා නයිට් රයිඩර්ස් පිල කඩුලූ 8 කින් රාජස්ථාන් රෝයල්ස් පිල පරාජය කළේය.

කොල්කටා පිල නියෝජනය කරන ශ්‍රී ලංකා පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක සචිත‍්‍ර සේනානායක විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින්  ඕවර හතරේදී ලකුණු 26 කට කඩුලූ 2 ක් දවා ගැනීමට සමත් විය.

යුසුෆ් පතාන් පන්දු 35 කදී හතරේ සහ හයේ පහර තුන බැගින් අන්තර්ගත කරමින් නොදැවී ලකුණු 49 ක් රැස් කරමින් කොල්කටා පිල පහසු ජයග‍්‍රහණයක් දක්වා රැගෙන ඒමට සමත් විය. 

රාජස්ථාන් රෝයල්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 6 ට 132 (ෂේන් වොට්සන් 35, සංජු සැම්සන් 40, ඔවයිස් ෂා 24, සචිත‍්‍ර සේනානායක 26/2)

කොල්කටා නයිට් රයිඩර්ස් පිල  ඕවර 17.2 කදී කඩුලූ 2 ට 133 (ගෞතම් ගාම්බීර් 12, මන්වින්ඩර් බිස්ලා 29, යුසුෆ් පතන් නොදැවී 49, ජැක් කලිස් නොදැවී 33)