කොල්කටා ක‍්‍රීඩකයෝ පංජාබ් පරාජය කරති


ඉන්දීය ප‍්‍රධානතම විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේ (අයි. පී. එල්.) 35 වැනි තරගය ලෙස කොල්කටාහිදී අද (26 වැනිදා) පැවැති තරගයේදී කොල්කටා නයික් රයිඩර්ස් පිල කඩුලූ 6 කින් කිංග්ස් XI, පංජාබ් පිල පරාජය කිරීමට සමත් විය.

ගෞතම් ගාම්බීර් නායකත්වය දෙන කොල්කටා පිල මෙවර තරගාවලියේ තරග 8 කදී ලැබූ තෙවැනි ජය මෙය වන අතර ප‍්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ පසු වෙයි.
කොල්කටා පිතිකරුවෝ ලකුණු 150 ජයග‍්‍රාහි ඉලක්කය  ඕවර 18.2 කදී කඩුලූ 4 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.

කොල්කටා පිල නියෝජනය කරන ශ්‍රී ලංකා පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක සචිත‍්‍ර සේනානායක සිය  ඕවර හතරේදී නිලකුණු  ඕවරයක් සමගින් ලකුණු 29 ක් ලබා දුන් අතර කඩුලූ ලබාගැනීමට නොහැකි විය.

කිංග්ස් XI, පංජාබ් පිල  ඕවර 20 කදී කඩුලූ 6 ට 149 (ඇඩම් ගිල්ක‍්‍රිස්ට් 27, මන්දීප් සිං 25, මනන් වොහ්රා 31, ඬේවිඞ් හසී 21, ගුර්කිරට් සිං නොදැවී 22, ජැක් කලිස් 14/2)

කොල්කටා නයික් රයිඩර්ස් පිල  ඕවර 18.2 කදී කඩුලූ 4 ට 150 (ජැක් කලිස් 37, මන්වින්ඩර් බිස්ලා නොදැවී 51, එඔයින් මෝගන් 42, අසාර් මහ්මූඞ් 35/3)