ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 60 වැනි තරගය ලෙස රන්චිහිදී අද (12 වැනිදා) පැවැති තරගයේදී කොල්කටා නයිට් රයිඩර්ස් පිල කඩුලූ 5 කින් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල පරාජය කිරීමට සමත් විය.
කොල්කටා පිල නියෝජනය කරන ශ්‍රී ලංකා පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක සචිත‍්‍ර සේනානායක ඕවර හතරේදී ලකුණු 18 කට එක කඩුල්ලක් දවාගැනීමට සමත් විය.
සුපිරි පිතිකරු ක‍්‍රිස් ගේල්ට මෙහිදී සිය සුපුදුරු පිතිහරඹයට අවතීර්ණ වීමට නොහැකි වූ අතර ගේල් පන්දු 36 කදී හතරේ සහ හයේ පහර බැගින් අන්තර්ගත කරමින් ලකුණු 33 ක් පමණක් රැස් කළේය.
බැංගලෝර් සංචිතයට ඇතුළත්ව සිටින තිලකරත්න ඩිල්ෂාන්ට සහ මුත්තයියා මුරලිදරන්ට කණ්ඩායමේ ස්ථාන අහිමි වූහ.
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 115 (ක‍්‍රිස් ගේල් 33, විරාට් කෝලි 17, ඒ. බී. ඩිවිලියස් 28, සුනිල් නරේන් 22/4, ලක්‍ෂ්මිපති බලාජී 22/2, ජැක් කලිස් 17/2)
කොල්කටා නයිට් රයිඩර්ස් පිල ඕවර 19.2 කදී කඩුලූ 5 ට 116 (ගෞතම් ගාම්බීර් 14, ජැක් කලිස් 41, යුසුෆ් පතාන් 18, මනෝජ් තිවාරි 24)