
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
දිවුලපිටිය ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවති මංගල උත්සවයකට සහභාගි වී මාතර හිත්තැටියේ පිහිටි තම නිවස වෙත පැමිණීමෙන් පසු ස්වයං නීරෝධායනයට යොමු කර සිටි 63 හැවිරිදි කාන්තාවකට අද (15) කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව පී.සී.ආර්.පරික්ෂණයේ දී තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
ඇය සමග එම නිවස තුල ස්වයං නීරෝධායනයට යොමු කර සිටි එම කාන්තාවගේ දියණිය තවත් පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කිරීමට ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළේය.
ඉකුත් 01 වැනිදා ඔවුන් දිවුලපිටියේ ඥාති දියණියකගේ විවාහ මංගල උත්සවයට සහභාගී වී 06 වැනිදා තෙක් මනමාලියගේ නිවසේම නතර වී තිබේ.
එදින සවස රුහුණු කුමාරි දුම්රියෙන් මාතරට පැමිණ බසයකට ගොඩ වී සිය ගමට ගොස් ඇත.
පසුව දෙවැනි මනමාලියට කොරෝනා ආසාදනය වී ඇති බව හෙලි වීමත් සමග එම මව හා දියණිය පදිංචි නිවස තුලම ස්වයං නීරෝධායනයට යොමු කර තිබේ.
ඉකුත් 12 වැනිදා ඔවුන්ගෙන් ලබා ගත් සාම්පල් වලින් පී.සී.ආර්.පරීක්ෂණය සිදු කර තිබෙන අතර එහිදී මවට වෛරසය ආසාදනය වී ඇති බව හෙළිවිය.

