
කොවිඩ් - 19 වසංගතයේ බලපෑම හේතුවෙන් 2020 වසරේදී තවත් ළමුන් 10,000ක් පමණ මියයනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ට්‍රෙඩොස් අද්නාම් ග්‍රෙබෙයිසිස් පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ පැවති කෘෂිකර්ම සමුළුවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා තිබේ.
ඔහු වැඩිදුරටත් පැවසුවේ මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන්ගේ ප්‍රමාණය මේ වසරේදී 14% කින් වැඩිවනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
මොවුන් වැඩි පිරිස අප්‍රිකාවේ සහ දකුණු ආසියාවේ ජීවත් වන දරුවන් බවත් එය සංඛ්‍යාත්මකව මිලියන 6.7ක් පමණ බවත් ඔහු පවසයි.
"අත්‍යාවශ්‍ය සේවා, ළමා පෝෂණය, පවුල් සැලසුම් ඇතුළු තවත් බොහෝ දේ සඳහා වසංගතය බරපතල ලෙස බාධා ඇතිකර තිබේ. දුප්පතුන් අත්හැර දමා ධනවතුන්ට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලැබීම අප අනුමත කරන්නේ නැත." යනුවෙන් ග්‍රෙබයිසිස් මහතා සඳහන් කළේය.
රොයිටර් පුවත් ඇසුරිණි
085

