කොරෝනා නිසා නැවතුන වැඩ 24ක් අරඹයි


(අංජුල මහික වීරරත්න)

කොරෝනා සහ ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලීකව නතර වී ඇති ව්‍යාපෘති 24 ක් නැවත කඩිනමින් ආරම්භ කරන්න යැයි නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දුන්නේය. ඒ අනුව එම ව්‍යාපෘති යළි ආරම්භ කිරීම සඳහා පියවර ගනිමින් සිටින බව  නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

මෙම ව්‍යාපෘති 24 න් ව්‍යාපෘති නවයක් නතර වී ඇත්තේ ඊට අදාළ විවිධ ආයතනික ගැටළු මත බවද මෙම ව්‍යාපෘති වල ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් මිලියන 56,529 ක් පමණ වේ. එම ව්‍යාපෘති නවය සඳහා මේ වන විට රුපියල් මිලියන 1,180 ක පමණ බිල්පත් කොන්ත්‍රාත්කරුවන් වෙත ගෙවා ඇතැයි ද අධිකාරිය කියයි. තවත් රුපියල් මිලියන 14 ක බිල්පත් ගෙවීමට තිබේ.

මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා සම්පූර්ණ මූල්‍යමය අවශ්‍යතාව රුපියල් මිලියන 55,335 ක් ලෙස ගණන් බලා ඇතැයි පවසන නාගරික සංවර්ධන අධිකාරිය ඉන් රුපියල් මිලියන 55,000 ක් ම වෙන් කර ඇත්තේ බොරැල්ලේ පිහිටි වැලිකඩ බන්ධනාගාර සංකීර්ණය හොරණ ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා බව පවසයි.