කොරෝනා ආසාදිත මවට සිව් නිවුන් දරු උපතක්



(බිමල් ශ්‍යාමන් ජයසිංහ)


                                     

කොරෝනා ආසාදිත මවක්  ද සොයිසා කාන්තා රෝහලේ දී නිවුන් දරුවන් සිව්දෙනකු  අද (17) බිහි කළ බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය  සාගරී කිරිවන්දෙණිය මහත්මිය පැවසුවාය 
       
පිරිමි දරුවන් දෙදෙනෙක් සහ ගැහැනු දරුවන් දෙදෙනෙක් ඒ අතර වන බව වෛද්‍යවරිය කීවාය.                        
   

එම දරුවන්   මරදාන කුප්පියා වත්ත ප්‍රදේශයේ වයස අවුරුදු 29 ක මවකගේ ප්‍රථම දරු ප්‍රසූතිය බව වෛද්‍යවරිය කීවාය.                                  
     

සති 30 ක් වැනි අඩු  කාලයක් සම්පූර්ණ කර  ඉපදුණු මෙම දරුවන් සිව් දෙනා සහ මව හොද සනීපයෙන් සිටින බවත් ඔවුන් නව ජන්ම දැඩි සත්කාර ඒකකයේ සහ සාමාන්‍ය දැඩි සත්කාර ඒකකයේ රදවා සිටින බව  වෛද්‍ය අධ්‍යක්ෂකවරිය වැඩිදුරටත් පැවසුවාය.