(අංජුල මහික වීරරත්න)
කොරියානු ජනරජයේ ජාතික සභාව යුද නීතිය මගින් පාලනයට එරෙහි වීමට ගත් කඩිනම් සහ ඒකාබද්ධ ක්‍රියා මාර්ගය අගය කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
හිටපු ජනපති මෙසේද කියයි.
ජනාධිපති යූන් සුක් යෙප්ගේ යුද නීතිය ප්‍රකාශ කිරීම කොරියානු ජනරජයේ ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතියට තර්ජනයක් විය.
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මෙන්ම පරිපාලනයට සහය දෙන අයගේද එකමුතුකම ජාත්‍යන්තර පිළිගැනීමට ලක්විය යුතුය. විධායක ජනාධිපති ක්‍රමයක් යටතේ පාර්ලිමේන්තුවේ ශක්තිය මින් පෙන්නුම් කරයි.
මෙම ව්‍යවස්ථාමය අර්බුදය සාමකාමීව විසඳා ගැනීම කොරියානු ජනරජයේ අවශ්‍යතාවයයි.