රුපියල් ලක්ෂ පහලොවක් පමණ වටිනා විදේශීය මුදල් තොගයක් රැගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිනි කොරියානු ජාතිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක සහ රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරු 40 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි. ඔහු පසුගිය සිකුරාදා සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇති බව රේගුව කියයි.
අත්අඩංගුවට ගනු ලැබූ විදේශ මුදල් ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් එකොලොස් දහස් හත්සීයකි.
සැකකරු ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 123 දරණ ගුවන්යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇත.
එහිදී සහකාර රේගු අධිකාරී අසංක ප‍්‍රියදර්ශක මහතාට ඇති වූ සැකයක් මත ඔහුගේ ඔහුගේ ගමන් මළු පරීක්ෂා කිරීමේදී මෙම මුදල් තොගය සොයාගෙන ඇත.
මේ පිළිබඳ රේගු පරීක්ෂනය සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සුනිල් පේ‍්‍රමරත්න මහතා විසින් එම මුදල් රාජසන්තක කර කොරියානු ජාතිකයාට තරයේ අවවාද කර ඔහු මුදා හැරියේය.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සුනිල් ප්‍රේමරත්න මහතාගේ අධීක්ෂනය යටතේ රේගු අදිකාරී රංජිත් ද අල්විස් මහතාගේ මෙහෙයවීමෙන් සහකාර රේගු අධිකාරීවරුන් වන අසංක ප‍්‍රියදර්ශන, ඩබ්ලිව්.එල්.ඞී.ආර් දි අල්විස්, ටී.ඒ.ඞී.පී පෙරේරා, එච්.ඒ.ඞී.ඞී දේවනාත්, ඞී.එම්.පී ප‍්‍රනාන්දු, ජී.කේ.එන් පෙරේරා, ආර්.සී.ඞී ගම්ලත්, ඒ. ඥානමොහාන් යන නිලධාරීන් විසින් සිදු කරනු ලැබීය.