කොරියානු ආධාර ඩොලර් මිලියන 200 කින් ඉහළ යයි


( තිළිණි ද සිල්වා )

ආර්ථික සංවර්ධන සහ මුල්‍ය සමායතනය සඳහා මෙතෙක් ලංකාවට ලබා දෙන ලද ඩොලර් මිලියන තුන්සියය ඉදිරි වසර තුන සඳහා ඩොලර් මිලියන පන්සියය දක්වා වැඩි කිරීමට කොරියානු විදේශ අමාත්‍යවරයා එකඟ වූ බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය. 

එසේම මානවවාදී  වශයෙන්  සහාය ලබා දීමට ද එකඟ වෙමින් ශ්‍රී ලංකාව සහ කොරියානු රාජ්‍ය අතර සැබෑ මිත්‍රත්වය තව දුරටත් තහවුරු කළ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව සහ කොරියාව අතර රාජතන්ත්‍රීය සබඳතා වලට වසර 40ක් පිරීම සනිටුහන් කරමින් කොරියානු විදේශ අමාත්‍ය යුන් බියන්ග්- සෙ මහතා ගේ සහභාගිත්වයෙන් අමාත්‍යාංශයේ දී පැවැති හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ ක‍ළේය.