කොරියා භාෂා විභාගයට 13000ක්


කොරියා භාෂා ප්‍රවීණතා විභාගය කොළඹ මධ්‍යස්ථාන 4කදී හෙටත් අනිද්දාත් (13/14) පැවැත්වීමට නියමිතය.

ඩී.එස්.සේනානායක, තර්ස්ටන් , ගෝතමී හා අශෝක යන විද්‍යාලවලදී විභාගය පැවැත්වෙන අතර උදේ 10.30 හා සවස 2.30 වශයෙන් දෛනිකව වාර දෙකකදී විභාගය පැවැත්වේ.

විභාගය සඳහා 13000කට ආසන්න සිසුන් පිරිසක් අයදුම්කර ඇති බවත් විභාග මධ්‍යස්ථාන තුළට ජංගම දුරකථන, විද්‍යුත් උපකරණ ආදිය ගෙන ඒම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව කියයි. විභාගයට ඉදිරිපත්වන සියලු සිසුන්ට තම විදෙස් ගමන් බලපත්‍රය රැගෙන ඒමද අනිවාර්ය කර ඇත.