කොරියා ගිය ලාංකිකයා පිහි පහරින් මරුට


දකුනු කොරියාවේ  ක්වාන්ඡු හසුන් ප්‍රදේශයේ  වැඩබිමක සේවය කළ  ශ්‍රී ලාංකිකයෙක් අමානුෂික  ලෙස මරා දමා ඇති බව වාර්ථා වෙයි.

මෙසේ මිය ගොස් ඇත්තේ අම්බලන්ගොඩ  පදිංචි  දහම් අමරසිංහ නමැති 32 හැවිරිදි තරුණයෙකි.

එකම වැඩ බිමේ සේවය කළ තවත් ශ්‍රී ලාංකික තරුණයෙකු විසින් ඔහු මිය යන තුරුම පිහි පාරවල් එල්ල කර ඇතැයි වාර්ථා වෙයි.

ඔහුගේ සිරුරේ  පිහි පාරවල් 10 පමණ දක්නට ඇතැයිද කියති.

මේ සම්බන්ධයෙන්  මතුගම ප්‍රදේශයේ තරුණයෙකු සැ්කපිට අත්අඩංගුවට ගෙන ඇත.