මොරටුව කොරළවැල්ල දුම්රිය ස්ථානයේ තාප්පයක හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත පුවරුවක් එල්ලා ඇත. ඒ මහතාට උපහාරයක් ලෙස රුපියල් සියය බැගින් එකතු කර එය සවි කළේ මීට පෙර එහි සවි කළ කටවුටය ඉරා දැමූ නිසා බවද ඔවුහු කියති.
කොරළවැල්ල දුම්රිය ස්ථානාධිපති සුරංග ප්‍රනාන්දු මහතා පැවසුවේ පුවරුව ඉවත් කරන මෙන් පැවසුවද ඔවුන් එසේ නොකළ බවයි. කොරළවැල්ල ජනතාව සමඟ ගැටුම් ඇතිකරගත නොහැකි බවද ඒ මහතා කීවේය.





