(ගයාන් සූරියආරච්චි)
පොලිසි විශේෂ කාර්ය බළකාය නිලධාරීන් ලෙස පෙනී සිටිමින් ගලබඩවත්ත, කොරතොට ප්‍රදේශයේදී නිවෙසක සිටි පුද්ගලයකු රැගෙන ගොස් වෙඩි තබා ඝාතනය කිරීමේ වෙඩික්කරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 27 ක් වන හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම සැකකරු මෙරටට පැමිණීමේදී අත්අඩංගුවට ගැනීම සදහා ආගමන විගමන පාලකවරයාට ලබාදී තිබූ අධිකරණය නියෝගයකට අනුව අද (2) කටුනායක ගුවන්තොටුපොළ්දී බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.