රන් සලකුණ ජන ගී ප්‍රසංගය 27 දා කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී 3.30ට හා 6.30ට
ජන කලාවන් පෝෂණය ලයනල් රන්වලයන්ගේ 77 වැනි ජන්මදින සැමරුම වෙනුවෙන් මෙවරත් රන් සලකුණ ජන ගී ප්‍රසංගය 27 දා පැවැත්වීමට නියමිතයි. එම ප්‍රසංගය හා මෑතක සම්බන්ධ වූ සංචාර මෙන්ම ජනගීයේ අනාගතය පිළිබඳවයි සහන් රන්වල සමඟින් අද කතාබහ දිගහැරෙන්නේ.
සොයා ගිය රන්හඬ
අපි පහුගිය මාස කිහිපයේ සංවිධානය කළා ලංකාභිෂේක නමින් රන් හඬ සොයා යෑම කියා ජනගායනා තරගාවලියක්. දිස්ත්‍රික්ක තුනක අපේ පාඨමාලාවලට සම්බන්ධ වෙන ළමයි 1200 ක් අතරින් හොඳම ජන ගී ගායකයා සහ ගායිකාව තේරීමේ තරගයක් පැවැත්වුවා. එහි අවසන් වටය පසුගිය සතියේ අවසන් වුණා. එහි ජයග්‍රහණය කළ 9 දෙනාට රන් සම්මාන පිරිනැමීම නොවැම්බර 27 වැනිදා පස්වරු 3.30 ට හා 6.30ට රන් සලකුණ නමින් කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලවේදී පැවැත්වෙනවා. එය ලයනල් රංවලයන්ගේ 77 වැනි ජන්ම දිනය යෙදෙන එදිනට පැවැත්වීමට නියමිතයි. 1939 නොවැම්බර් 27 තමයි එතුමා උපත ලැබුවේ. මෙයට මගේ කාලයේ වගේම අපේ තාත්තගේ කාලයේ ජනගී කණ්ඩායමේ සිටි පිරිසත් සම්බන්ධ වෙනවා.
සටහන ඉඳුනිල් සින්දු