කොමිසමට පැමිණිලිත් ගලයි


රජයේ වත්කම් වලට හානි පමුණවමින් සිදුකර තිබෙන වංචා දූෂණ සම්බන්ධව ස්ථාපිත කර තිබෙන ජනාධිපති කොමිෂන් සභාවට ඉදිරිපත් වන පැමිණිලි සාධාරණව නිවරැදිව විනිවිදභාවයෙනුත්  යුක්තිසහගතව කඩිනමින් විභාග කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොමිසමට නියම කළ බව එහි ලේකම් ලැසිල් ද සිල්වා මහතා පැවසීය.

කොමිසම නිරන්තරයෙන් රැස්වෙමින්  දවස පුරාම පැමිණිලි විභාග කිරීම සිදුකරගෙන යයි.

මෙම කොමිසම හමුවට දිනපතාම පැමිණිලි ලැබෙමින් පවතී. තමන්ට පෞද්ගලික අසාධාරණකම් ගැන පැමිණිලි ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටින ලෙස කොමිසම ජනතාවගෙන් කාරුණිකව ඉල්ලීමක් කරයි.

දේශපාලන පදවි දැරූ හෝ  දරමින් සිටින පුද්ගලයන් රජයේ සේවකයින් සහ ව්‍යවස්ථාපිත මණ්ඩලයන්හි හිටපු හා සිටින  පුද්ගලයන් රාජ්‍ය දේපළ අවභාවිතයට යෙදවීම සම්බන්ධව පැමිණිලි පමණක් කොමිසම ඉදිරිපත් කළ යුතු බවත් කොමිසම දැනුම් දෙයි.

2010 ජනවාරී 10 දා සිට 2015 ජනවාරී 10දා දක්වා බව ඉහත දැක්වෙන සිදුවීම් ලිඛිතව ඉදිරිපත් කළ යුතුය.

මහාධිකරණ විනිසුරු පද්මන් සුරසේන මහතා කොමිසමේ සභාපතිය. මහාධිකරණ විනිසුරුවරුන් වන ආමේන්ද්‍ර සෙනෙවිරත්න, විකුම් කළුආරච්චි, ගිහාන් කුලතුංග යන හිටපු විගණකාධිපතිවරයකු වන බී.ඒ.ප්‍රේමතිලක සෙසු සාමාජිකවරුය.