කොමිෂන් සභා පුරප්පාඩුවලට නම් ජනපතිට යවයි


මහාචාර්ය සිරි හෙට්ටිගේ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ධුරයට යෝජිත නම් අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කළේය.

කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රාජ්‍ය සේවා කොමිෂන් සභාවට තවත් සාමාජිකයකු පත් කිරීමටද ජනාධිපතිවරයාට නම් නිර්දේශ කළේය.

ස්වාධීන කොමිෂන් සභාවල කටයුතු කරගෙන යෑම සඳහා ස්ථිර කාර්යාල පහසුකම් සලසා දීම ගැන ද අද අවධානයට යොමු විය. ඒ ගැන සලකා බැලීමට බස්නාහිර සහ මහනගර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතාට පැවැරිණි.