කල්පිටිය ආන්දන් කන්නියේ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදන අමුද්‍රව්‍ය ගබඩාවක තිබූ සත්ව පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 10000ක් ඊයේ (16 ) නොරොච්චෝල මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් විනාශ කරන ලදී.
පරිභෝජනයට නුසුදුසු එම සහල් නැවත වෙළදපොළට පැමිණෙන බවට ලැබී ඇති පැමිණිලි පදනම් කර ගනිමින් එම සහල් විනාශ කළ බව ඒ සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසීය.
මෙම ස්ථානයේ තිබෙන්නේ උසාවි මගින් සත්ත්ව පරිභෝජනයට නුසුදුසු ලෙස නම් කර මුදාහැර ඇති සහල් බවත් වාණිජ හා කර්මාන්ත අමාත්‍යංශයේ ද අවසර සහිතව මෙම සහල් ලබාගෙන කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරන බවත් එම ස්ථානය භාර නිලධාරීයා කිවේය.


