කොමන්වෙල්ත් බැංකු කුසලාන තරගාවලියේ අවසන් වටයට ශී‍්‍ර ලංකාව සුදුසුකම් ලබාගනී


ශ්‍රී ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර මෙල්බර්න් ක‍්‍රීඩාංගණයේදී අද (2 වැනිදා) පැවැති එක්දින තරගයේදි  ඕස්ටේ‍්‍රලියානු පිල පරදවා ලකුණු 9 ක ජයක් ලබාගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම කොමන්වෙල්ත් බැංකු කුසලාන තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබාගත්තේය. පළමුවෙන් පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 238 ක දැවී ගිය අතර  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම ලකුණු 229 කට දවාගැනීමට ලසිත් මාලිංග (49/4) ඇතුළු ශී‍්‍ර ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. ශී‍්‍ර ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර පැවැත්වෙන අවසන් තරගාවලිය මේ මස 4 වැනිදා ආරම්භ වන අතර එය තරග තුනකින් සමන්විතය. තරග තුනෙන් තරග දෙකක් ජයගන්නා කණ්ඩායමට කොමන්වෙල්ත් බැංකු කුසලානය හිමිවේ.