
(ප්‍රියාණි මංගලිකා සහ නිමල් ප්‍රේමචන්ද්‍ර)
කොබෙයිගනේ ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් බරපතල තුවාල ලැබූ ,කොබෙයිගනේ රෝහල් දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා මරණයට පත්ව ඇති බව කොබෙයිගනේ පොලීසිය සඳහන් කරයි.
මෙලෙස මරණයට පත්ව.ඇත්තේ කුලියාපිටිය ,පහල ඇඹව ,පලුගස්හංදිය ප්‍රදේශයේ පදිංචි 58 වියැති ආර්.එම්.සී. රාමනායක නැමති වෛද්‍ය වරයාය.
කොබෙයිගනේ පොලීසිය ආසන්නයේ දී ,වෛද්‍ය වරයා ඉකුත් 25 රාත්‍රි 7.50 පමණ , පාර මාරු වීමට යාමේදී ත්‍රිරෝද රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර අනතුරින් හිසට බරපතල තුවාල ලබා සිටියදී කොබෙයිගනේ රෝහලට ඇතුලත් කළ වෛද්‍යවරයා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යැවීමෙන් අනතුරට ,එහි දැඩිසත්කාර ඒකකයේදී මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.

