විදේශයන් හි ජීවත්වන සහ විදේශයන් වෙත සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලාංකිකයින් ගේ උප්පැන්න,විවාහ ,අධ්‍යාපන ලියකියවිලි සහතික කරවා ගැනීම ඇතුළු කොන්සියුලර් සේවා ලබා දෙන විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය අද (06) සිට කොළඹ 01 ,සෙලින්කෝ ගොඩනැගිල්ලේ දෙවැනි මහළේ පිහිටි නව ගොඩනැගිල්ලක ස්ථාපිත කෙරිණි.
මහජනතාවට අදාළ එම ලියකිවිලි කඩිනමින් සහතික කරවා ගැනීම සඳහා ඉහළ තාක්‍ෂණයකින් යුතුව නවීකරණය කරන ලද මෙම කොන්සියුලර් අංශය විවෘත කිරීම විදේශ අමාත්‍ය මංගල සමරවීර සහ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කැරිණි.



