කොන්දා ටිකට් කඩන්න අලුත් ක්‍රමයක් හොයාගනී


(රොමේෂ් මධූෂංක)                  

කිලිනොච්චිය සහ මුහමාලෙයි අතර ධාවනය වූ පෞද්ගලික බස් රථයකට මගීන් අධික ලෙස පටවා ගැනීම හේතුවෙන් බස් රථයේ කොන්දෙස්තර විසින් මගීන්ගෙන් මුදල් අයකර ගැනීමට වෙනස්ම ක්‍රමයක් අනුගමනය කිරීම හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවයන්ට පත්වීමක් පිළිබඳව වාර්තා වෙයි.

අදාළ පෞද්ගලික බස්රථය කිලිනොච්චිය සිට මුහමාලෙයි දක්වා ඊයේ (28) දින ධාවනය කර ඇති අතර එහිදී බස් රථයට මගීන් පටවාගෙන ඇත්තේ මගීන්ද දැඩි අපහසුතාවයන්ට පත්කර ගනිමිනි.

එහිදී මගීන් බස්රථයේ අධික ලෙස පටවාගෙන යාම හේතුවෙන් කොන්දොස්තර වරයාට මගීන්ගෙන් මුදල් ලබාගැනීමටද නොහැකි වීම නිසා කොන්දොස්තරවරයා බස්රථයේ සීට් උඩින් ගමන් කිරීමට පියවර ගෙන ඇත.

කොන්දොස්තරවරයාගේ මෙම හැසිරීම හේතුවෙන් සීට්වල සිටි මගීන්ද දැඩි අපහසුතාවයන්ට පත්ව ඇති අතරම මගින් විසින් චෝදනා කර ඇත්තේ අධික ලෙසින් මගීන් පෞද්ගලික බස් රථවලට පැටවීම මගින් අනතුරු අවධානමක්ද පවතින් හෙයින් වහාම බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙසටයි.