
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුවට කොන්දක් නැති නිසා රාජ්‍ය සේවකයන්ගේ වැටුප අහිමි කරන එක හරිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී විමසීය.
රාජ්‍ය සේවකයන්ට වැටුප අහිමි වී තිබෙන්නේ ඒ අයගේ වරදින් නොවේ යැයිද රජයේ නිලධාරීන් නිවාඩු අරගෙන මැතිවරණයට ඉදිරිපත් වූ අතර මැතිවරණය පවත්වන්න මුදල් නොදෙන්න රජය තීරණය කර තිබෙන බැවින් මැතිවරණය කල් යාම රාජ්‍ය සේවකයන්ගේ වරදක් නොවේ යැයි විපක්ෂනායකවරයා කීය.
දහස් ගණනක් රාජ්‍ය සේවකයන් අනාත කළේ ආණ්ඩුව බවද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
බොහෝ රාජ්‍ය සේවකයන්ට තවමත් වැටුප් ලැබී නැතැයි කී විපක්ෂ නායකවරයා මෙය බරපතළ කාරණයක් සේ සලකා ආණ්ඩුව මීට මැදිහත් විය යුතු බව බවද සඳහන් කළේය.

