කොන්ද කැඩුණු දැරිය දෙපයින් නැගිටී


අඩි 35 ක් පමණ ළිදකට වැටී කොන්ද කැඩී මාස හතරක් උඩුබැලි අතට සිටි පියුමාලී ඕෂධි ශිෂ්‍යාව ශ්‍රී ජයවර්ධනපුර රෝහලින් අද ගෙදර ගියේ  දෙපයින් ඇවිද වාහනයක නැඟීමෙනි.

ඇගේ කතාව  ලංකාදීප පුවත්පතින් කියවු බත්තරමුල්ලේ ෆෝසයිට් ඉංජිනේරු සමාගමේ හිමිකරු සහ ඔහුගේ බිරිය ඇයගේ සැත්කම් හා ප්‍රතිකාර වෙනුවෙන් රුපියල් දසලක්ෂයක් පමණ වියදම් කරන්නට ඇතැයි රෝහල් ආරංචි කියයි.

ඇත්කඳුරේ මද්දේවිල  පදිංචි ඕෂදී අම්පේගම විද්‍යාලයේ 10 වැනි වසරේ සිටියදී මේ අනතුරට ලක් වුයේ පාසල් නිල ඇඳුම සොදා ගැනීමට ළිඳෙන් වතුර බාල්දියක් ගනිද්දීය.