කොන්ත්‍රාත්තුව කැඩෙයි


ව්‍යාජ ඉතාලි වීසා ස්ටිකරයක් ඇලවු  ගුවන් ගමන් බලපතකින්  කුවෙට් සිට  ඉතාලියට යාමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයෙක්  එරටින් පිටුවහල කොට ආපසු  මෙරටට එවනු ලැබ සිටියදී  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද උදෑසන අත් අඩංගුවට ගනු ලැබීය.

සැකකරු යාපනයේ මල්ලාගම් ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි තරුණයෙකි.

ඔහු තම වලංගු ගුවන් ගමන් බලපත්‍රය භාවිතා කරමින් පසුගිය මාර්තු 29 වෙනිදා කුවෙට් රාජ්‍ය වෙත ගොස් ඇත.  එහිදී හමුවු ඒජන්තවරයෙකු විසින් ඔහුගේ ගුවන් ගමන් බලපතට ව්‍යාජ ඉතාලි වීසා ස්ටිකරයක් අලවා  ඉතාලියට යාමට අවශ්‍ය ලියකියවිලි සකස් කර දී ඇති  බව අනාවරණය  වෙයි.

ඉතාලියේ පදිංචි ඔහුගේ ඥාතියෙකු විසින් රුපියල් ලක්ෂ 20 ක මුදල් කොන්ත්‍රාත්තුවක් මත මෙම ව්‍යාජ ලියි කියවිලි සකස් කර ඇති බව හෙළි වී තිබේ.

සැකකරු අද මීගමුව මහේස්ත්‍රාත් අදිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.