බටහිර කොදෙව්වන් සමග බන්ගලි දේශයේ පැවැති විස්සයි විස්ස අවසන් පූර්ව ක්‍රිකට් තරඟය ශ්‍රී ලංකාව ජය ගැනීමේ සතුට බුක්ති විඳිමින් සිටි බව කියන තරුණයෙක් කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා ගොඩනැගිල්ලේ දැවැන්ත රූපවාහිනී තිරය ඉදිරිපිට ඇඳුම් ගලා නිරුවත් වීමේ වරදට රුපියල් 1500ක් දඩ ගෙවීය.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඉදිරියේ ඔහු වරද පිළිගත්තේය. පොලිසිය ඔහු ඉදිරිපත් කරමින් පැවසුවේ ඔහු මත්පැන් බී සිටි බවයි.

