ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම අතර ආනස් වේල් පිටියේදී පැවැත්වෙන දෙවැනි සිව්දින (නිල නොවන) ටෙස්ට් තරගයේ තුන්වැනි දිනයවූ ඊයේ (14 වැනිදා) කී‍්‍රඩාව නතර කරන විට බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල සිය පළමු ඉනිම සඳහා කඩුලූ 3 ක් දැවී ලකුණු 155 ක් ලබා සිටියේය.
දිනය නිමාවන විට ක්‍රෙග් බ්‍රෙත්වයිට් (නොදැවී 70) ක් සහ නර්සින් ඩියොනරේන් (නොදැවී 58) ක් ලබා කඩුල්ලේ රැදී සිටියහ.
ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම සියලූ දෙනා දැවී රැස්කළේ ලකුණු 314 ක් පමණි.
ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිරතවූ කෞෂාල් සිල්වා පන්දු 221 කදී හතරේ පහර 14 ක් සමගින් ලකුණු 119 ක් ලබාගත් අතර ඇන්ජලෝ පෙරේරා හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 50 ක් රැස්කිරීමට සමත්විය.
ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල සියලූ දෙනා දැවී ලකුණු 314
(කෞෂාල් සිල්වා නොදැවී 119, ඇන්ජලෝ පෙරේරා 50, චතුරංග ද සිල්වා 33, මිගෙල් කමින්ස් 74/4, ජොනතන් කාටර් 51/3)
බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කඩුලූ 3 ක් දැවී 155
(ක්‍රෙග් බ්‍රෙත්වයිට් නොදැවී 70, ලියොන් ජේසන් 40, නර්සින් ඩියොනරේන් නොදැවී 58, සුරංග ලක්මාල් 23/2)
(*)