කොදෙව් ‘ඒ‘ පිල තරගාවලිය සමකරයි


සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල අතර ශාන්ත ජෝර්ජ්හිදී පෙරේදා (25) පැවැති දෙවැනි තරගයෙන් ලකුණු 90 ක ජයක් ලැබූ කොදෙව් පිල 1-1 ක් ලෙස තරගාවලිය සම කිරීමට සමත් විය.

තරග තුනකින් සමන්විත නිල නොවන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ’ පිල කඩුලූ 4 ක ජයක් ලැබීය. තෙවැනි සහ අවසන් තරගය අද (27 වැනිදා) පැවැත්වේ.

බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල  ඕවර 50 දී කඩුලූ 9 ට 240 (එන්. බෝනිර් 64, ලෙන්ඞ්ල් සිමන්ස් 40, නර්සිං ඩිඔනරින් 34, ඇන්ඩි‍්‍ර ෆ්ලෙචර් 30, සුරංග ලක්මාල් 59/2, චතුරංග ද සිල්වා 43/3)

ශ්‍රී ලංකා ‘ඒ’ පිල  ඕවර 42.1 කදී සියලූ දෙනා දැවී 150 (ඩිල්රුවන් පෙරේරා 15, නිරෝෂන් දික්වැල්ල 41, දිමුත් කරුණාරත්න 51, නර්සිං ඩිඔනරින් 25/3)
 
(●●)