ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අර්ධ අවසන් තරගයේදී පාදයේ ආබාධයකට ලක්වූ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන්ට මේ මස 28 වැනිදා ආරම්භ වන ශී‍්‍ර ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය සංචාරය අහිමි වී තිබේ.
එංගලන්තයෙන් ලැබෙන ආරංචි මාර්ග වලින් කියැවෙන්නේ ඩිල්ෂාන්ගේ ආබාධයේ ස්වභාවය අනුව ඔහුට මාසයක හෝ මාස එක හමාරක පමණ විවේකයක් අවශ්‍ය යයි වෛද්‍ය විශේෂඥයන්ගේ මතය බවයි.
ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව අතර පැවැති ශූරයන්ගේ කුසලාන අවසන් පූර්ව තරගයේ 5 වැනි ඕවරයේදී පාදයේ මස්පිඬුවක් ඇදීම නිසා ඩිල්ෂාන් පිටියෙන් ඉවත්ව වන විට ඔහු පන්දු 14 කදී ලකුණු 12 ක් ලබා සිටියේය. තරගයේ 48 වැනි ඕවරයේදී නැවතත් පිටියට පිවිසි ඩිල්ෂාන් පන්දු 7 කින් තවත් ලකුණු 6 ක් ලබාගත් නමුත් ඉතා අපහසුවෙන් කී‍්‍රඩා කළ බවක් දක්නට තිබිණ.
(ඡයාරූපය : ඒ. එෆ්. පී.)
පාදයේ මස්පිඬුව ඇදීමෙන් පසුව ඩිල්ෂාන් කී‍්‍රඩා පිටියෙන් ඉවතට යද්දි...