කොදෙව් පිල පිට පිටම සිවුවැනි පරාජයත් ලබයි


ඕස්ටේ‍්‍රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සිඞ්නිහිදී අද (08) පැවැති සිවුවැනි තරගයෙන් ද කඩුලූ 5 ක ජයක් ලැබූ  ඕස්ටේ‍්‍රලියාව 4-0 ක් ලෙස තරගාවලියේ තව දුරටත් පෙරමුණට පැමිණීයේය.

බටහිර ඉන්දීය කොදෙව් පිල  ඕවර 49.4 කදී 220

(කිරාන් පොලාඞ් නොදැවී 109, ඩැරන් සැමී 25, ඇන්ද්‍රි රසල් 18, සුනිල් නරේන් 23, මිචෙල් ජොන්සන් 36/3, බෙන් කටින් 45/3)

ඕස්ටේ‍්‍රලියාව  ඕවර 44.5 කදී කඩුලූ 5 ට 221

(ෂේන් වොට්සන් 76, අරෝන් ෆින්ච් 25, පිලිප් හියුස් 23, මයිකල් ක්ලාක් 37, ඇඩම් වෝග්ස් 28, ටිනෝ බෙස්ට් 38/2, සුනිල් නරේන් 34/2)