බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවෝ ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලට එරෙහිව පැවැති තරග 5 කින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලිය 4-1 ක් ලෙස ජය ලැබීමට සමත් වූහ. කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (08) පැවැති පස්වැනි සහ අවසන් තරගයෙන් කොදෙව් පිල ලකුණු 7 ක තියුණු ජයක් ලැබීය.
බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 20 කදී කඩුලූ 5 ට 122 (ඩිනේන්ද්‍රා ඩොටි 43, ජූලියානා නිරෝ 25, උදේෂිකා ප‍්‍රබෝදනී 8/2, ඕෂදී රණසිංහ 17/2)
ශ්‍රී ලංකා පිල ඕවර 20 කදී සියලූ දෙනා දැවී 115 (ඒෂානි ලොකුසූරිය 44, ඩිලානි මනෝදර නොදැවී 29, ශනෙල් ඩෙලි 33/4)