කොදෙව් කාන්තා ක‍්‍රිකට් පිල 2-1 කින් ශ‍්‍රී ලංකාව පරදවයි


ලෝක අනු ශූර බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක‍්‍රිකට් පිල ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැති තරග තුනකින් සමන්විත වූ එක්දින ක‍්‍රිකට් තරගාවලිය 2-1 ක් ලෙස ජය ලැබීමට සමත් විය.
දෙරට අතර අද (26) පැවැති තෙවැනි සහ අවසන්, තීරණාත්මක තරගයෙන් කොදෙව් ක‍්‍රීඩිකවෝ ලකුණු 33 ක ජයක් ලැබීමට සමත් වූහ.

ලකුණු 192 ක ඉලක්කය හඹාගිය ශ‍්‍රී ලංකා පිලට  ඕවර 50 යේදී කඩුලූ 9 ක් දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 158 ක් පමණි. ශ‍්‍රී ලංකා පිලේ ප‍්‍රබලතම පිතිකාරියන් සිවුදෙනකු දුවද්දී දැවී යෑම නිසා පරාජය වැළදගැනීමට සිදුවිය.

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිල  ඕවර 50 යේදී කඩුලූ 9 ට 191 (කිසියා නයිට් 14, ස්ටෙෆෙනි ටේලර් 18, මිරිස්සි අගුලෙයිරා 29, ඩිනේන්ද්‍රා ඩොටි 16, කිෂෝනා නයිට් 24, ෂෙමනි කැම්බල් 37, චමනි සෙනෙවිරත්න 33/4 ඒෂානි ලොකුසූරිය 25/2, ඉනෝකා රණවීර 32/2)

ශ‍්‍රී ලංකා කාන්තා පිල  ඕවර 50 කදී කඩුලූ 9 ක් දැවී 158 (චමරි අතපත්තු 21, ශෂිකලා සිරිවර්ධන 29, ඩිලානි මනෝදර 16, ශ‍්‍රීපාලි වීරක්කොඩි 17, ටි‍්‍රමනේ ස්මාර්ට් 26/2)

ඡායාරූප - ශාන්ත රත්නායක

ඡයාරූප - ශාන්ත රත්නායක