බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිල සහ ශ‍්‍රී ලංකා කාන්තා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (22) පැවැති පළමු තරගයෙන් කොදෙව් ක‍්‍රීඩිකාවෝ කඩුලූ 4 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.
කොදෙව් පිල මෙම ජයග‍්‍රහණයත් සමග 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණට පැමිණියේය.
ලෝක අනු ශූර කොදෙව් ක‍්‍රීඩිකාවෝ ලකුණු 165 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 38 කදී කඩුලූ 6 ක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.
දෙරට අතර දෙවැනි එක්දින තරගය අනිද්දා (24) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ශ‍්‍රී ලංකා කාන්තා පිල ඕවර 50 යේදී කඩුලූ 9 ක් දැවී 164
(චමරි පොල්ගම්පොළ 16, ප‍්‍රසාදිනී වීරක්කොඩි 13, චමරි අතපත්තු 27, දීපිකා රසාංගිකා 28, ශ‍්‍රීපාලි වීරක්කොඩි 21, ඩිලානි මනෝදර නොදැවී 14, ශාකිරා සෙල්මන් 8/2, ෂෙමනි කැම්බෙල් 13/2)
බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 38 කදී කඩුලූ 6 ට 165
(නටාෂා මැක්ලෙන් 17, ජුලියානා නීරෝ 30, කිෂෝනා නයිට් 36, ඩිනේන්ද්‍රා ඩොටි 43, චමනි සෙනෙවිරත්න 23/2, ශෂිකලා සිරිවර්ධන 41/2)
- යොහාන් භාසුර, දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ සිට..
(ඡයාරූප: ශාන්ත රත්නායක)
චමනි සෙනෙවිරත්න පන්දු යවමින්..
.