කඳුකරයට මහ වැසි ලැබීමත් සමග කොත්මලේ ජලාශයේ වාන් දොරටු අද තවත් එසැවීමෙන් පසු වික්ටෝරියා ජලාශය ද පිටාර මට්ටමට ලං වී ඇතැයි මහවැලි නිලධරයෝ කියති.
දැනටම කොත්මලෙන් පහළ රිවර්සයිඩ්, සපුගස්තලාව හා නාවලපිටිය ඇතැම් පෙදෙස් ගංවතුරින් යටවී තිබේ.
රිවර්සයිට්, මාවතුර, උලපනේ, ගම්පොල, ගෙලි ඔය හා පේරාදෙණියේ සිට පොල්ගොල්ල දක්වා මහවැලි ගඟ පරිහරනය කරන්නන් පරිස්සම් විය යුතු යැයි කොත්මලේ ජලාශය භාර ඉන්ජිනේරු ඩබ්ලිවේ ඒ චන්ද්‍රතිලක මහතා කියයි.
පොල්ගොල්ල ජලාශයේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇති බවත්, වික්ටෝරියා ජලාශයේ ස්වයංක්‍රීය ගේට්ටු විවරවීමේ මට්ටමට පැමිණ ඇති බවත් ඔහු කියයි.