කොත්මලේ මගක ගින්නක්


(සිසිර ලලිත් කුමාර)

කොත්මලේ හරංගල ග්‍රාම නිලධාරී වසමේ අක්කර දහයකට වැඩි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි පොලිසිය කියයි .අද පස්වරුවේ ඇති වූ ගින්න මැඩ පැවැත්වීම සඳහා යුද හමුදාව ද කැඳවූ බව වාර්තා විය.

අසල තිබූ වෙළෙඳ සැලකටද සුළු හානි සිදු වූ අතර ප්‍රදේශයේ ජනතාව ගින්න නිවීමට උත්සහ කළ ද පැවති  සුළං තත්ත්වය හේතුවෙන් ගින්න නිවා දැමීම අපහසු විය.