තලවාකැලේට හා නුවරඑළියට යන එන දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන් තලවකැලේ ළිඳුල නගර සභාව ඉහළ කොත්මලේ ජලශයේ බෝට්ටු සේවයක් අද (16) ඇරැඹිය.
නගර සභාව බෝට්ටු දෙකක්ද පෞද්ලික අංශය බෝට්ටු දෙකක්ද යොදවා ඇත.
ජලාශයේ කිලෝමීටර් දෙකහමාරක් දුරට බෝට්ටු සවාරියට ඉඩ ලැබේ.එක් අයකුගෙන් අය කෙරෙන ගාස්තුව මෙතෙක් තීරණය කැර නැත.මධ්‍යම පළාතේ ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා අද මෙම බෝට්ටු සේවය විවෘත කිරීමේ මංගල ගමනට සහභාගී විය.

![00033.MTS_snapshot_00.04_[2014.09.16_15.45.35]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2014/09/00033.MTS_snapshot_00.04_2014.09.16_15.45.35.jpg)
![00036.MTS_snapshot_00.00_[2014.09.16_15.46.54]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2014/09/00036.MTS_snapshot_00.00_2014.09.16_15.46.54.jpg)




