කොත්තු බාස්ගෙ මොළෙන් ජීවිත රැසක් බේරේ


දෙල්ගොඩ නගරයේ ආපන ශාලාවක ජල ටැංකියට වස මිශ්‍ර කර ඇතැයි එහි හිමිකරු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව   මීගහවත්ත පොලීසිය පරීක්ෂණයක් ඇරඹීය.

 කරාමයෙන් එන ජලයේ කෘමිනාශක ගඳක් දැනී කොත්තු බාස් අයිතිකරුට දැන්වීය.

ටැංකියේ ජල සාම්පල රස පරීක්ෂක වෙත යොමු කළ බව පොලීසිය කියයි.