කොතළ හිඹුටු රේගුවේ හිරවේ


දියවැඩියාවට  ඔසුවක් සේ සැලකෙන කොතල හිඹුටු කිලෝග‍්‍රෑම් 323 ක් කූරියර් සේවාවක් මගින් ජපානයට යැවීමට කොළඹ ව්‍යාපාරිකයෙකු  ගත් උත්සාහයක් ව්‍යර්ථ කිරීමට ගුවන්තොටුපොළ රේගු  ජෛව විවිධත්ව ඒකකයේ  නිපධාරීහු සමත් වූහ.
සංචාරක ක්ෂේත‍්‍රයේ ව්‍යාපාරිකයෙකු වන සැකකරු කොතළ හිඹුටු පාර්සල් 12 ක් ජපානයේ නැරීටා ගුවන්තොටුපොළ වෙත යැවීමට බාර දී තිබුණි.
මීට පෙරද කොතළ හිඹුටු ජපානයට යැවීමට ගත් උත්සාහයන් රේගුව විසින් වලකා ඇත. මේ පිළිබද විමර්ශන කටයුතු   සංස්කෘතික හා ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ නියෝජ්‍ය රේගු  අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර මහතාගේ උපදෙස් පිට රේගු නිලධාරීහු සිදුකරති.

.