රුපියල් එක් ලක්ෂ හැටදහසක් වටිනා කොතල හිඹුටු වලින් නිෂ්පාදිත කෝප්ප 16 චීනය බලා රැගෙන යාමට තැත් කළ චීන ජාතිකයකු (32) ගුවන් තොටුපල රේගු නිලධාරින් අද (23) අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහු මොරගහකන්ද ජලාශයේ වැඩ කටයුතු කරන චීන ජාතිකයකි. කෝප්ප තොගය රාජසන්තක කර ඔහුට චීනයට පිටත් වීමට අවසර ලබා දී ඇත.

