කොණ්ඩා අනුශූරතාව ශ්‍රී ලංකාවට


මැලේසියාවේ ක්වාලාලාමුපුර් හි පැවැති 17 වන ආසියානු පැසිපික් කොණ්ඩා මෝස්තර ඔලිම්පික් තරගාවලියේ දී රටවල් 22 කින් ඉදිරිපත් වු 58 දෙනකු පරදවා අනුශූරතාව දිනා ගැනීමට පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඔෂිනි අනුත්තර පුංචිහේවා සිසුවිය සමත් වුවාය. සැඳෑසමයට දර්ශනීය කොණ්ඩා මෝස්තරයක් ඉදිරිපත් කළ ඇයගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇමරිකා ඩොලර් 750ක් හිමි විය.

ජීව විද්‍යා අංශයේ උසස් පෙළ හදාර එහි ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින ඇය ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පිනි ඔෂිලා ද සොයියා මහත්මියඝේ දියණියයි. කොණ්ඩා මෝස්තර ඔලිම්පික් තරගයක දී ශ්‍රී ලංකාව අනුශූරතාවක් ලබා ගත් ප්‍රථම අවස්ථාව මෙයයි.