කොඩිවිනයට බේත් හොයා වැරදි තැනට ගිහින්


අසල්වැසියකු කොඩිවිනයක් කළ නිසා තමා පිස්සු වැටුණු බව අගමැතිට කියා සහනයක් ගැනීමට 2002දී අරලිය ගහ මන්දිරය අධි ආරක්ෂිත කලාපයට ඇතුළු වීමට තැත් කළ අනුරාධපුර ගල්කුලමේ සමන්කුමාර රත්නසිරි වසර 11ක් වරෙන්තුවකට පසු කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියේ අද පෙනී සිටියේය.

වරෙන්තුව අවලංගු කළ මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා සැකකරු රුපියල් පනස් දහසක ශරීර ඇප මත මුදා හැරියේය.

ඔහුගේ නීතීඥවරයා වෛද්‍යවාර්තාද ඉදිරිපත් කරමින් තම සේවාදායකයාගේ මානසික අසනීපය තවම සුවවී නැතැයි කීවේය.