කොඩිවිනය කපා එද්දී යකදුරා මැරේ


සෙවනගල නිවසක කොඩිවිනයක් කපා ත්‍රීරෝද රියකින් එමින් සිටි යකැදුරකු උඩවලව තණමල්විල පාරේ මහආර හංදියේ දී රිය අනතුරකින් මිය ගොස් ආවතේවකරුවන් බව කියන තිදෙනකු තුවාල ලැබූ බව සෙවනගල පොලිසිය කියයි.

විදුලි පහන් කණුවක ආධාරයට ඇති කම්බියක ත්‍රිරෝද රිය ගැටීමෙන් අනතුර සිදුවී ඇත.