පොලිස් නිලධාරියෙක්ගේ රාජකාරියට බාධා කළේයැයි නඩු පැවරී ඇප මත නිදහස් කර සිටින බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර සහ හිටපු පළාත් සභා ඇමැති උපාලි කොඩිකාර මහතාගේ ඇප කොන්දේසි සංශෝධනය කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයාගේ රෙජිස්ටාර්වරයාට හා කුරුඳුවත්ත පොලිසියට සෑම සඳුදා දිනකම පැමිණ වාර්තා කරන ලෙස ඒ මහතාට පැනවී තිබුණු ඇප කොන්දේසිය මේ අනුව සෑම සඳුදා දිනකදීම කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයාගේ රෙජිස්ටාර්වරයා හමුවේ පමණක් පෙනී සිටින ලෙසට සංශෝධනය කෙරිණ.
පොලිසියට වාර්තා කිරීමට නොහැකි බව පෙන්වා දෙමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ පේ‍්‍රමනාත් දොලවත්ත මහතා කොඩිකාරගේ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කළේය.
කොඩිකාර මහතා අයහපත් සෞඛ්‍යය තත්ත්වයෙන් පසුවන බවක් තමන්ට දන්වා නැතැයි කුරුඳුවත්ත පොලිසිය මෙහිදී කියා සිටියේය.
ඇප කොන්දේසි පරිදි පොලිසියට වාර්තා කිරීම පැහැරහැර තිබීම නිසා කොඩිකාර මහතාට එරෙහිව නඩුවක් ගොනු කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා කුරුඳුවත්ත පොලිසිට නියෝග කර තිබිණ.
බරපතල වංචා දුූෂණ පිළිඹද ජනපති කොමිසමට පැමිණි අවස්ථාවකදී එතැන සිටි පොලිස් නිලධාරියෙකුගේ රාජකාරි වලට බාධා වන පරදි හැසිරුණේයැයිද එම පොලිස් නිලධාරියා බිය ගැන්වීයැයිද කුරුඳුවත්ත පොලිසිය කොඩිකාරට එරෙහිව නඩු පැවරීය.මහේස්ත‍්‍රාත්වරයාගේ නියමයෙන් මේ වන ටි ඔහු සිටිනුයේ ඇප මත නිදහස්වය.
නඩුව ජනවාරි මස 18 වැනිදා නැවත කැදවීමට නියෝග කෙරිණ.

