
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය , ඉන්දිකා රාමනායක සහ ප්‍රදීප් කුමාර)
කොඩිකාමම් පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා චාවකච්චේරි කයිතඩි ප්‍රදේශයේ දී ඊයේ 19 වෙනිදා රාත්‍රී 10ට පමන පමණ සිදුවූ අනතුරකින් මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ උප පොලිස් පරීක්ෂ ඩන්කන් ගුණවර්ධන මහතා ය.
මොහු වාරියපොල හොරොම්බාව පාසල් මාවතේ පදිංචිව සිටි අයෙකි.
පොලිස් පරීක්ෂකවරයා යතුරුපැදියෙන් යාපනය ප්‍රදේශයේ සිට කොඩිකාමම් පොලිසිය ස්ථානය වෙතගමන් කරමින් සිටි අතරවාරයේ මුලින්ම බස් රථයක පිටුපස ගැටී ඇතැයි චාවකච්චේරිය පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
බස් රථයේ ගැටීමෙන් පසු උප පොලිස් පරීක්ෂකවරයා මාර්ගය මැදට විසි වීමෙන් අනතුරුව චාවකච්චේරිය දෙස සිට යාපනය දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක ගැටී ඇතැයි ද පොලීසිය කියයි.
මෙම මාරක අනතුරින්බරපතළ තුවාල ලැබූඋප පොලිස් පරීක්ෂක වරයා චාවකච්චේරිය රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ මියගොස් ඇතැයිද පොලීසිය කියයි.
මෙම මාරක අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා සහ ලොරි රථයේ රියදුරා ද සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය කියයි.
බස් රථය සහ ලොරි රථය ද පොලිස් බාරයට ගෙන ඇත චාවකච්චේරිය පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් මෙම මාරක අනතුර සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යයි.


