කොටුව පාවහන් වෙළඳසලක ගින්නක්


කොළඹ කොටුව, මල්වත්ත පාරේ පාවහන් වෙළඳසළක ඊයේ (11) රාත්‍රියේ ඇතිවූ ගින්නකින් එම වෙළඳසළ සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි පොලිසිය කියයි.

විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇතැයි වාර්තාවේ. එහි රුපියල් ලක්ෂ 5 කට ආසන්න පාවහන් තිබූ බවත් ගින්නෙන් ඒ සියල්ල දැවී ගොස් ඇතැයිද වෙළඳසල් හිමිකරු පවසයි.

2015-03-12-08.41.14 2015-03-12-08.41.22

ඡායාරූප - අකිල බද්දෙවිතාන