අද අලුයම 3.00 ට කොළඹ කොටුවේ සිට වේයන්ගොඩ බලා පිටත්වීමට නියමිතව තිබූ දුම්රියට නැගීම සදහා කොළඹ වෙසක් බැලීමට පැමිණි 3000 කට අධික පිරිසක් කොටුව දුම්රිය ස්ථානයේ කවුළු ඉදිරිපිට පැය ගණනක් පොලීමේ රැදී සිටියද දුම්රිය ස්ථානයේ බලධාරීන් ප්‍රවේශපත් ලබා දීම සදහා කවුළු විවෘත කිරීම පමා වූයෙන් මගීහු රැසකට එම දුම්රිය මග හැරිණි.
දුම්රිය අලුයම තුනට ධාවනය වීමට නියමිතය තිබූ අතර ප්‍රවේශ පත් කවුලු විවර කළේ ඊට මිනිත්තු 15කට පෙරය. එනම් පෙරවරු 2.45ට ය. එලෙස විවෘත කළේ ද එක් කවුළුවක් පමණි. මිනිත්තු පහළවක් ඇතුළත එයින් ප්‍රවේශපත් ලබා ගත හැකි වුණේ සුළු පරිසකට පමණි.
අදාල දුම්රිය නියමිත වෙලාවට පිටත්වූ අතර දුම්රිය පිටත්වීමට පෙර ප්‍රවේශපත් ලබාගැනීමට නොහැකිවූ බැවින් මගීහු රැසක් අපහසුතාවයට පත්වූහ.
මගීන් ඒ ගැන පැමිණිලි කිරීමට දුම්රිය බලධරයකු සොයා ගිය අතර ඒ වන විට ඔවුහු නිද්දේ පසුවූහ.