කොටුව උසාවියෙත් වෙසක් දානයක් දෙයි


වෙසක් පොහොය නිමිත්තෙන් අඩු ආදායම් ලාභි පවුල් 75 ක් සඳහා වියළි ආහාර සලාක බෙදා දීමක් කොළඹ කොටුව  මහේස්ත්‍රාත් අධිකරණයේදී අද සවස පැවැත්විණි.

මහේස්ත්‍රාත්  තිලිණ ගමගේ මහතාගේ අදහසක් අනුව  කොටුව උසාවියේ නීතීඥවරුන්ගේ  සහ උසාවි කාර්ය මණ්ඩලයේ  සහයෝගය ඇතිව මෙම පිංකම සිදු විය.

ගංගාරාම පරිවේනාධිපති තන්තිරිමුල්ලේ සරණ හිමියෝ ද  අලුත් කඩේ  දිසා විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය ද ,කොටුව උසාවියේ නීතීඥ සංගමය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥ ජයන්ත ඩයස් නානයක්කාර මහතා ප්‍රමුඛ නීතීඥවරුන් ද අවස්ථාවට එක්ව සිටියහ.