කොටුව - මාතලේ අතර නව දුම්රියක්


ජනවාරි 20 වැනි දා සිට  කොළඹ කොටුව සහ මාතලේ අතර  නව දුම්රියක් ධාවනයට  යෙදවීමට  දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

සෑම සිකුරාදා  සහ සෙනසුරාදා කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 2.20ට පිටත්වන දුම්රිය පස්වරු 7.13ට  මාතලේට  ළඟාවන අතර  සෑම සෙනසුරාදා සහ සඳුදා දිනවල පෙරවරු 6.40 ට මාතලේ දුම්රිය ස්ථානයෙන්  පිටත් වී පෙරවරු 11.15 ට  කොටුවට  ළඟාවේ.